කොරෝනා වෛරසයට එරෙහි එන්නත් දෙකක් ඉන්දියාව තුළ හදිසි භාවිතය සඳහා අවසර ලබාදීමට එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.
පුනේහි පිහිටි සේරම් ආයතනය මගින් සංවර්ධනය කළ Covishield එන්නතට හා භාරත් බයෝටෙක් ආයතනයට අයත් Covaxin යන එන්නත් දෙක සඳහා මෙම අවසරය ලබාදී ඇත.
මීට අනුමැතිය ලබාදෙමින් ඉන්දීය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානී වී.ජී සෝමානි පවසා ඇත්තේ මෙම එන්නත් සියයට 110 ක් ආරක්ෂිත බවයි.
කොවිෂිල්ඩ් එන්නතෙහි ඵලදායීත්වය සියයට 70.42 බව තහවුරු කරන ඔහු පවසන්නේ කොවැක්සින් එන්නත මගින්ද වඩා ඉහල ප්‍රතිශක්තිකරන මට්ටමක් තහවුරු කරන බවයි.
මේ අදාල ඖෂධ දෙකම ඉන්දියාව තුළ නිපදවීම පිළිබඳන සමස්ථ ජාතියම ආඩම්බර විය යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙම එන්නත් දෙකම මාත්‍රා දෙක බැගින් එක් අයෙකුට ලබාදිය යුතු වේ.
එන්නත් කරණය ආරම්භ කිරීමේදී කෝටියකට අධික සෞඛ්‍ය සේවකයින්ට හා රෝග මර්ධන කටයුතු වල නිරතව සිටින කෝටි දෙකක් වූ මුල්පෙළ නිළධාරීන්ට ප්‍රමුඛතාව ලබාදීමට නියමිතය.