බස්නාහිර පළාතේ මාළු වෙළඳසැල්වල වෙළදුන්ට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.
බස්නාහිර පළාතේ මාළු වෙළඳසැල්වල මේ දක්වා සිදු කර ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඊයේ ((2) බස්නාහිර පළාතේ සිදුකල සංඛ්‍යාව 23කි.
මේ දක්වා බස්නාහිර පළාතේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 180 ක් සිදු කර ඇති බව ඔහු පැවසීය.
බස්නාහිර පළාතේ පිටවීමේ ස්ථානවල මේ වන විට රපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 13,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එසේම බස්නාහිර පළාතේ පිටවීමේ ස්ථානවල සිදු කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිත පුද්ගලයින් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.