සිව් අවුරැදු සිර දඩුවමක් නියම වී සිටින චීන ජාතික පුරවැසි මාධ්‍යවේදිනියක වූ ෂැන්ග් ෂාන්ග් නිදහස් කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මීට අදාළ නඩුව විභාගයට ගත් ෂැන්හයි අධිකරණය පසුගිය 28 වනදා ඇයට සිව් වසරක සිරදඩුවමක් නියම කළ අතර මෙි වන විට එම සිදුවීම සමස්ත ලෝකයේම අවධානයට ලක්ව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ චීනයේ මෙම ක්‍රියාවලිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සිදුකළ බරපතල හානියක් බවයි. සජීවී අන්තර්ජාල විකාශනයක් හරහා වූහාන් නගරයේ කෙරෝනා තත්වය පිලිබද ප්‍රකාශ කිරීමෙිදී ගැටුම් ඇතිකරන ආකාරයේ තොරතුරු බෙදා හැරියේ යැයි යන චෝදනා මත පසුගිය වසරේ මැයි මාසයේ සිට චීන බලධාරීන් විසින් නීතිඥවරියකද වූ ෂැන්ග් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටියි.
” බොරුව යනු ඒකාධිපති පාලන තන්ත්රයන්ට අළුත් දෙයක් නොවේ. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මුල සිටම වුහාන් හි කොරෝනා වසංගත තත්වය පිළිබඳ තොරතුරු සීමා කරමින් නියාමනය කළ අතර ආචාර්ය ලී වෙන්ලියැන්ග්, චෙන් කියුෂි සහ ෆැන්ග් බින් වැනි නිර්භීතව සත්‍ය කතා කරන්නන් අමානුෂික ලෙස නිහඬ කරන ලදි.” යැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසා තිබේ.