ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇතුලු පිරිසට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ ඇත.
බ්‍රිටිෂ් එයාර්වේස් යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනාද ඊට අමතරව ක්‍රිඩකයින් ඇතුලු ඔවුන් සමඟ පැමිණි 40 දෙනෙකු ද ඒ අතර සිටියි.
මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැනස්බර්ග් හිදී මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ටෙස්ට් වරම් දිනා ගත් අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටියි.