2010 ජනාධිපතිවරණ සමයේදී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව ඇත.
නීති විරෝධීව ගිනි අවි සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීමේ වරදටයි කොළඹ මහාධිකරණය විසින් ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබුනේ.
කොළඹ මාලිගාවත්තේ පිහිටි ශ්රී බෝධිරාජරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමිනම වූයේද සුමන හිමියන්ය.