ලෝකප්‍රකට ඇමරිකානු ප්‍රවීණ මාධ්‍යවේදී ලැරී කිං කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මේ වන විට ලොස්ඇන්ජලීස් හි රෝහලකට ඇතුලත් කර ඇති බවයි.
ලැරී කිං ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මේ දක්වා තොරතුරු අනාවරණ වී නැත.
පසුගිය වසර කිහිපය තුළ හෘදයාබාධ ඇතුළු සෞඛ්‍ය ගැටළු රැසකට ඔහුට මුහුණ දීමට සිදු විය.
87 හැවිරිදි ලැරී කිං වසර 60 ක සිය වෘත්තීය ජීවිතය තුළ අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ.
1970 දශකයේදී ආරම්භ කළ ලැරී කිං ෂෝ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔහු ලොව පුරා කීර්තියට පත්විය.
අනතුරුව 1985 සිට 2010 දක්වා කාලය තුළ සීඑන්එන් ආයතනය සමග එක්ව ලැරී කිං ලයිව් වැඩසටහන මෙහෙය වූ ලැරී කිං ලොව ප්‍රධාන පෙළේ දේශපාලඥයින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඇතුළු විවිද තරාතිරමේ පුද්ගලයින් .සම්මුඛ සාකච්ඡාවට ලක් කළේය.