තුර්කියේ ජනාධිපති තායප් එර්දොගාන්ගේ පවුලේ සාමාජිකයන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා එරට තුළ මෙන්ම තවත් ඉස්ලාම් රටවල් රැසක මහත් ආන්දෝලනයට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දූෂණ සහ මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනා ගණනාවක් තුර්කි ජනාධිපති පවුලේ සාමාජිකයන් වෙත එල්ල වී තිබේ. එර්දොගාන්ගේ බෑණා වන තුර්කියේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන බේරාත් අල්බේරාක් අදාළ දූෂණ චෝදනාවලට ලක්වී සිටින ප්‍රමුඛතම පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු අයථා ලෙස උපයාගත් මුදල් ජනාධිපති එර්දොගාන්ගේ පක්ෂය වන ඒකේ පක්ෂය හෙවත් යුක්ති සහ සංවර්ධන පක්ෂයේ ඉහළ නායකයන් සමග බෙදාහදාගන ඇති බවටද වාර්තා වේ.