ඉන්දියාව බ්‍රිතාන්‍ය අතර ගුවන් ගමන් සීමා කෙරේ

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර සතියකට සිදුවන ගුවන් ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සාමාන්‍යයෙන් දෙරට අතර දෛනිකව ගුවන් ගමන් වාර 60ක් පමණ සිදු වේ. ඉන්දීය රජය පවසන්නේ එය 30 ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එරට සිට පැමිණෙන ගුවන් යානා සඳහා තහනමක් පැනවීමට ඉන්දියාව පසුගියදා පියවර ගැනුණි.

කෙසේවෙතත් ලබන 8 වනදා සිට සීමාසහිතව බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති අතර එය ලබන 23 වනදා දක්වා ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.