රිය අනතුරු වැඩි වීමක්

ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ගොස් රිය අනතුරු සංඛ්‍යාව 90ක් සිදුවී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය දෙසැම්බර් 20වන දින සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බවය.

එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 149 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත. බීමත් රියදුරන් 2045ක් එම කාලය තුළ අත්අඩංගුවටගෙන තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.