ආයුර්වේද රෝහල්වලට කොවිඞ් රෝගීන් ඇතුළත් කරන්න දේශීය වෛද්‍යය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ලබන සතියේ සිට කොවිඞ් රෝගීන්ට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.
ඒ අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ පමණක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මොන බාධක ආවත් දේශීය ඖෂධ නගා සිටුවමින් කොවිඞ් රෝගීන් සුවපත් කිරීම සඳහා මැදිහත් වබ බවත් ඒ වගේම දේශීය ඖෂධවල වටිනාකම ගැන ජනතාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වන බවත් අමාත්‍යය සිසිර ජයකොඩි මහතා පැවසුවේය.
රෝගීන්ට දේශීය ඖෂධ ලබා දීමේ ගැටලූ රාශියක් පැවතුණා නමුත් දැන් ඒ කොවිඞ් රෝගීන්ට දේශීය ඖෂධ ප්‍රතිකාර ලබාදීම සඳහා තීන්දුවකට පැමිණ ඇතැයිද මේ වන විට සායනික වශයෙන් සහ රෝගයට ප්‍රතිකාර ලෙස ඉදිරිපත් කර ඇති ගුඩිත්වාදී චූර්ණය, සුවධරණි ප්‍රතිශක්තිකරණ පානය, රතකල්කය, ඒ වගේම සුදර්ශන පැනිය වැනි තවත් දේශීය ඖෂධ භාවිතා කරමින් කොවිඞ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසිය.