අවුරුදු ගිනිකෙළි නිසා පක්ෂීන් දහස්ගනනක් මියයයි

රෝමයේදී මිය ගිය පක්‍ෂීන් විශාල සංඛ්‍යාවක් ඉතාලි අගනුවරින් සොයා ගැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙයට මුලික හේතුව නව වසර උදාවත් සමග පැවති ගිනිකෙළි සංදර්ශන බව වාර්තා වේ.

මෙලෙස පක්ෂීන් රාශියක් මියගොස් සිටින අයුරු මෙන්ම ඉතාලියේ පිහිටි දුම්රිය ස්ථානයක අසල මාර්ගවල මෙලෙස කුරුල්ලන් බිම වැටී මිය යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා ද සංසරණය වෙමින් තිබේ.

පක්‍ෂීන් හෘදයාබාධවලින් මිය යාමට අධික ශබ්දය හේතුවක් වන්නට ඇති බවයි සත්ත්ව සංවිධාන පෙන්වා දෙයි. එමෙන්ම මෙම පක්‍ෂීන් මිය යන්නට ඇත්තේ අධික ශබ්ධයෙන් ඇතිවූ හෘදයාභාධයෙන් බවටද සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධාන චෝදනා කරයි.

වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නීති උල්ලංඝනය කරමින් ඉතාලි වැසියන් නව වසර උදාව සමරන්නට කටයුතු කල අතර එහි වූ ගිනිකෙළි සංදර්ශන ආදිය ද මෙලෙස සතුන් මිය යාමට හේතුවක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.