අත්‍යවශ්‍ය ආහාර වර්ග 10කට ස්ථාවර මිලක්

අශන්ති වරුනසුරිය

අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් සඳහා පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඉහළ ගුණත්වයකින් යුත් භාණ්ඩ අවම මිලකට මිලදී ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඒ අනුව හාල්, පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ලුණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් යන ආහාර වර්ග සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පෙබරවාරි මාසයේ සිට මාස 6ක කාලයක් ආරම්භක පියවර වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. දේශීය නිෂ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගෙන් සැපයුම් මිල ගණන් කැඳවීමේ පුවත්පත් දැන්වීමක්, මේ මස දී පළ කිරීමට‍ සූදානම් බව ද, අමාත්‍යවරයා ‍පැවසීය.

අවම සැපයුම් මිල ගණන් යට‍තේ ලබාගන්නා නිෂ්පාදනයන්, සෘජුවම සතොස සමූපකාර ජාලය හරහා පාරිභෝගික ජනතාවට සැපයීමට මෙහිදී පියවර ගැනේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථායිකරණය මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.