රජය වැඩ කරන්නේ චීනෙට ගැලපෙන විදියට නෙමෙයි

අශන්ති වරුනසුරිය

කොරෝනා වසංගතයට දරුණු තත්වෙකට යමින් තිබෙන වකවානුවක ආර්ථිකය ශක්තිමත් වේද යන ප්‍රශ්ණය හමුවේ හෙම්බත්ව සිටින ජනතාව දිනෙන් දින විරැකියාව, මුල්‍ය පද්ධතීන් කඩා වැටීම් මෙන්ම විවිධ ප්‍රශ්න හමුවේ කඩා වැටෙමින් සිටිති. එවන් වකවානුවක රජය චීනය මූලික කරගනිමින් රටේ සම්පත් වෙනත් රටවලට විකිණීමට කටයුතු කරමින් සිටින බවට විපක්ෂය මෙන්ම ජවිප යද චෝදනා කරති. මේ එවන් ප්‍රශ්ණ කිහිපයක් සම්බන්දයෙන් අප රාජ්‍ය අමාත්‍ය හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ කල කෙටි සංවාදයකි.

නව වසරත් සමඟ රැකියා උත්පාදනයක් සිදු කරන බව ඔබ පැවසුවා. කොහොමද මේක වෙන්නේ ?
අද අපේ රටේ රැකියා වලට බද්ධ වූ උපාධි නැහැ. මෙන්න මේ නිසයි උපාධිධාරීන්ට රැකියා නැත්තේ. රැකියා වෙළඳ පලට ඔවුන්ගේ උපාධිය ගැලපෙන්නේ නැහැ. මේ නිසා විශ්ව විද්‍යාල රැකියා ගැන හිතලා උපාධිධාරීන් සුදානම් කිරීම වැදගත්. එයට වි.වි. අනුබද්ධව වැඩපිළිවෙලක් සකස් කෙරෙමින් පවතිනවා. මෙන්න නිසා අවසානයේදී රජයට සිදු වෙනවා. කොහොමවුනත් මේ වන විට රැකියා 60,000ක් ආණ්ඩුවෙන් ලබා දී අවසන්.

අනිත් කරුණ නිසිඅයුරින් පුද්ගලික හෝ රාජ්‍ය අංශයේ රැකියා බිහි වෙන්න නම් ආයෝජන අවශ්‍යයි . ආයෝජන අවස්ථා වැඩි වීම තුල රැකියා අවස්ථා වැඩි වෙනවා. එයට සුදුසු වාතාවරණය හදන කරුණ තමයි මේ වන වීර ආණ්ඩුව විසින් දියත් කරන්නේ. එහිදී පොලි අනුපාත අඩු කර, රුපියල ස්ථාවර කරමින් රටට ගැලපෙන නිසි ආයෝජන රැසක් ඉදිරි වසර දෙක තුලදී මෙරටට ලැබෙනවා.

වියාපෘතියක් කිවුවම ඇයි චීනය මුලික කර ගන්නේ ?
අද ලෝකේ චීනයට තමයි සල්ලි තියෙන්නේ. චිනේ ඇවිල්ල ආයෝජනය කරනවා. ඒවගේම අපි කාටවත් එන්න එපා කියලා නැහැ ඕනෑම කෙනෙක්ට ඇවිල්ලා අපේ රටේ නීතිරීති වලට අනුව ආයෝජනය කල හැකියි. චිනේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම ආයෝජනය කරනවා. ඇමරිකාව පවා වැඩියෙන්ම ආයෝජනය කරලා තියෙන්නේ චිනේ.

ඒවුනාට රාජපක්ෂලා මුල් තැන දෙන්නේ චීනෙට කියල මතයක් තියෙනවා …
මේක චීනෙට පහර ගැසීම සදහා කියන කතාවක්. අපේ රටේ ඔහොම කියනවා වගේම ලෝකේ හමාරටකම චිනේ යෝජනා කරලා වියපෘති සදහා දායක ඒ ඒ රට වලත ඔය විදියටම ආණ්ඩු වලට විවේචන එල්ල වෙනවා. රජය වැඩ කරන්නේ ලංකාවට ගැලපෙන විදියට මිසක් චීනෙට ගැලපෙන විදියට නෙමෙයි

මොකක් හරි වියපෘතියක් ආරම්භ කලාම අපි දකින්නේ ඒවාවල සේවය කරන චිනේ පිරිස්. ඇයි අපේ මිනිස්සු දැනුමින් පරිපුර්ණ නැත්ද ?
අපේ රටේ දක්ෂ අය ඉන්නවා. දක්ෂ වුන පමණින් වැඩ වෙන්නේ නැහැනේ. වියාපෘතියක විවිධ කොටස් තියෙනවා. මුදල් ප්‍රතිපාදන අවශ්‍යයි. කණ්ඩායම් විදියට විවිධ ශේෂ්ත්‍ර එකතු විය යුතුයි. යන්ත්‍ර උපකරණ අවශ්‍යයි. මෙවැනි බොහෝ පැති තියෙනවා. උදාහරණයක් ලෙස හිතන්න දක්ෂ වුනත් අපේ කවුරුත් තට්ටු 80ක ගොඩනැගිල්ලක් ගහලා නැහැනේ. අපේ අය කරල නැත්නම් අපිට සිදු වෙනවා ජාත්‍යන්තව එක්ව ඔවුන්ගේ සහයෙන් කටයුතු කරන්න.

ඒ කියන්නේ මේ වසරේත් චිනේ එක්ක කටයුතු කරනවා ..
අදාළ දේවල් වල දක්ෂ පිරිස් ඒ ඒ දේවල් වලට එකතු වේවි. කොහොම වුනත් ශ්‍රී ලංකාවේ අයිතීන් රැක ගෙන සියලුම රටවල් එක්ක සුහදව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සම්පත් වඩා හොදට කළමනාකරණය කර ගැනීමට වෙන රට වල සම්බන්ද වුනාට ඒවාහි අයිතිය එම රට වලට පවරන්නේ නැහැ.

එවුනාට ජවිපෙ නම් කියන්නේ ආණ්ඩුව රටේ සම්පත් විකුනනවා කියලා?
ජවිපෙ යුන්පි එකත් එක්ක එකට හිටියේ ජවිපෙ හම්බතොට විකුනද්දී. එතකොට ජවිපෙ සද්ද නැතුව හිටියා. දැන් තමයි කෑ ගහන්නේ. ආණ්ඩුව දෙයක් විකුණලත් නැහැ, විකුනන්නෙත් නැහැ. ජැටිය ගැනත් ජවිපෙ කෑ ගැහුවට එහි ගිවිසුම් ගහලා තියෙන්නේ යහපාලන රජය. ජවිපෙ ට විරෝධය පල කරන්න තිබ්බේ ඒ කාලේ. එම්සිසි ගිවිසුම් හොදවේලාට ඔවුන් අත්සන් නොකළ නිසා අපිට ඒක ගලවගන්න පුළුවන් වුණා.

කොරෝනා නිසා කඩාවැටෙන ආර්ථිකය නැගිටින්න පුළුවන් වෙයිද ?
ඔව් ජනතාවට අමාරුයි. ප්‍රශ්ණ තියේවි. මිට කලිනුත් දැවැන්ත ආර්ථික කඩාවැටීම් හමුවේ අපි නොසැලී හිටියා. සෞක්‍ය පැත්ත වගේම ආර්ථිකයත් ආණ්ඩුව බලනවා. අපනයන, ප්‍රේෂණ ගාලා ඒමේ පද්ධතියක් හදනවා. රුපියල රැකගන්න වාතාවරණයක් හදලා තියෙන්නේ. ආර්ථිකය කඩා වැටෙන්න නොදී තබා ගන්න අපි උත්සහා කරනවා. ඒවගේම විපක්ෂය කියන සියලු අනාවැකි බොරු කරන්න කටයුතු කරනවා.

ඒ කියන්නේ සර් ෆේල් නැහැ ද ?
සර් ෆේල් නැහැ. ප්‍රශ්න තියෙනවා අපි ඒවාට මුහුණ දෙනවා. අපි කවදාවත් ප්‍රශ්ණ වලින් පැනලා ගිහිල්ලවත් , අරයගෙ වැරදි මෙයාගේ වැරදි අර ආණ්ඩුවේ අඩුපාඩු එයාලගේ ණය කියකියා ඉන්නේ නැහැ. ඒවගේම ජාත්‍යන්තරයට රැවටෙන්නෙත් නැහැ. ශ්‍රී ලාංකිකයන් විදියට මුහුන දීලා රටට ගැලපෙන පරිදි ජනතා ඉටු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.