අශන්ති වරුනසුරිය
ග්‍රාම නිලධාරී වසම් 60 කට වැඩි සංඛ්‍යාවක් සහ පොලිස් බල ප්‍රදේශ 09ක් හුදෙකලා කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එමෙන්ම වීරකැටිය යක්ගස්මුල්ල සහ මුල්ලේගොඩ යන ග්‍රාමනිලධාරී වසම් දෙක හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
අද පෑලියගොඩ නව මැනිං වෙළෙදපොළ ආශ්‍රිතව සිදු කළ පී සී ආර් පරික්ෂණවලදී පුද්ගලයන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි. පසුගිය 30 වනදා වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන පී.සී.ආර්. පරීක්ෂණ 120 ක් සිදු කර ඇත.
මේ අතර හුදෙකලා කළ පාදුක්ක ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමෙන් හා උඩුමුල්ල පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු හදුනාගෙන තිබේ. ගලගෙදර නැගෙනහිර ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 3 දෙනෙකු හා ඇගලුම් කම්හලේ කොරෝනා ආසාදිත වූවන්ගේ ආශ්‍රිතයන් 5 දෙනෙකු ද මෙසේ හදුනා ගෙන තිබේ.