තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 211ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවක්, අනන්‍යතාවය තහවුරු කර නොමැති අවුරුදු 70ත් 80ත් අතර වයසැති මරදාන පොලිස් වසමෙන් හඳුනාගත් පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
අද (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 191ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.