දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ එලෙස මෙරට තුළ භූමදානය කිරීමෙන් ගැටළුවක් මතු නොවන බවද සිය මතය කඩිනමින් වගකිව යුතු පාර්ශව වෙත දැන්වීමට බලාපොරොත්තු වන බවද එම සංගමය පවසයි.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමෙන්, එම දේහය මගින් අදාළ වෛරසය ජලයට මිශ්‍ර වන බව හෝ එමගින් වෙනත් අයෙකුට වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව ශී‍්‍ර ලංකා ප්‍රජා වෛදවරුන්ගේ සංගමය ද පවසා තිබිණි.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ වෛරස් විද්‍යාඥයින්ද ඒ බව තහවුරු කළ බව සදහන් කළේය. මේ අතර මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 208 ක් වී ඇත.
කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටු කුමන තීන්දුවක් ගනු ලැබුවද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය රජය සතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ජනතාව ඡන්දය ලබාදී ඇත්තේ කමිටු වලට නොවන බවත් රජයට බවත්ය.
මැතිවරණය කාලයේදී පවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් බවට පෙන්වීමට උත්සහ කළ බව මෙහිදී මතක් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කමිටු වලට නිර්දේශ කළ හැකි වුවත් ඒවා සලක බලා අවසාන තීන්දුව ගත හැක්කේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව විසින් බවයි.