ඉන්දික ශ්‍රී අරවින්ද
මෙරට කොවිඩ් බලපෑම නිසා පසුගිය වසරේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (M/SME) ව්‍යාපාරික පුද්ගලික ආයතනවල සේවය කළ ලක්ෂ 19ක ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකල සමීක්ෂණයකදී හෙළි වී ඇත.
මෙහිදී එම බලපෑම හේතුවෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (M/SME) පුද්ගලික ව්‍යාපාරික ආයතනවලට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන එක් ලක්ෂ 50,000කට ආසන්න බව එම දෙපාර්තමේන්තුව විසින් Onlaine තාක්ෂණය ඔස්සේ සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.
එම සමීක්ෂණයේ දතයන්ට අනුව 2020 ජනවාරි මසදී මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (M/SME) පුද්ගලික ව්‍යාපාරික ආයතනවල රැකියා කළ පිරිස මිලියන 2යි 7ලක්ෂ 47,156ක ප්‍රමාණයක් වූ අතර එය 2020 මැයි මස වනවිට පුද්ගලයින් 9ලක්ෂ 15,667ක් දක්වා අඩු වී ඇත.
ඒ අනුව කොවිඩ් බලපෑම නිසා රැකියා අහිමි වූ සංඛ්‍යාව 18ලක්ෂ 32,2689ක් වෙයි. 2020 ජනවාරි මසදී මෙරට ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (M/SME) පුද්ගලික ව්‍යාපාරික ආයතනයන්හි අදායම රුපියල් මිලියන දෙලක්ෂ 56,000ක් වූ අතර මෙම කොවිඩ් බලපෑම නිසා එය රුපියල් මිලියන එක් ලක්ෂ 6,957ක් දක්වා පහත වැටි ඇති බවයි එම සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙයි.
ඒ අනුව රුපියල් මිලියන එක් ලක්ෂ 49,043ක පාඩුවක් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (M/SME) පුද්ගලික ව්‍යාපාරික ආයතනවලට සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙම සමීක්ෂණය කොවිඩ් බලපෑම සම්බන්ධව මුලික කරගනිමින් පසුගිය වසරේ ජනවාරි සිට මැයි මස දක්වා වූ කාලය තුළදී සිදුකළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.