සතොස ආයතනය මඟින් අලෙවි කරන මුහුණු ආවරණ වලින් ලැබෙන ආදායමෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා රාජකාරි අරඹමින් සතොස මූලස්ථානයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
දේශීයව නිෂ්පාදිත උසස් තත්වයේ මුහුණු ආවරණ සතොස මඟින් රුපියල් 15 ක මුදලකට මිළදී ගත හැකි බවද ඒ අනුව සෑම මුහුණු ආවරණයකින්ම රුපියලක මුදලක් ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර වන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.