වෛරස් නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා විද්‍යාගාර පරීක්ෂණ වැඩි කරයි

ඊස්වරන් රත්නම්

රටට ඇතුල් වන සහ රට තුල ඇති විය හැකි නව කොරෝනා තත්වයන් හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ ශ්‍රී ලංකාවේ පරීක්ෂණාගාර වල වැඩි කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මිය පැවසුවේ, මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ වෛරස් වසංගතය පැතිරීම ආරම්භ වූ අවස්ථාවේ සිටම මෙම විද්‍යාගාර පරීක්ෂණ දිගටම සිදු කර ඇති බවයි.

වෛරසය විකෘති වී ඇත්ද ? නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ තිබේද? රටට ඇතුල් වන නව ප්‍රබේද හදුනා ගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මසකට වරක් පරීක්ෂණ සිදු කළ බවත් දිගටම ඒවා සිදු කටන බවත් ඇය පැවසුවාය.

මහාචාර්ය නීලිකා පැවසුවේ එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදයක් අනාවරණය වීමත්, ශ්‍රී ලංකාවේ විද්‍යාගාර පරීක්ෂණ වාර ගණන ද වැඩි කර ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවට සහ ගුවන්තොටුපලවලට පැමිණෙන සංචාරකයින් ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් විද්‍යාගාර පරීක්ෂණ වාර ගණන වැඩි කිරීමට තීරණයක් ගෙන ඇත. “විද්‍යාගාර පරීක්ෂණ වාර ගණන සෑම සති දෙකකට හෝ සතියකට වරක් දක්වා වැඩි කිරීමට අපි තීරණය කර තිබෙනවා,” ඇය ඊයේ (සිකුරාදා) මාධ්‍ය හමුවකදී පැවසුවාය

ඒ පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය,
“අපේ විශ්වවිද්‍යාලයේ රසායනාගාරය කොවිඩ් වසංගතය ලංකාවේ දකින්න ලැබුණ දවසේ ඉඳලා ඒ කියන්නේ මාර්තු මාසයේ සිට මේ ලංකාවේ තියෙන වෛරස් ප්‍රභේද පරීක්ෂණයට ලක්කරමින් පවතිනවා. එහෙම පරීක්ෂණයට ලක්කරන්නේ ඇත්තටම අලුත් වෛරස් ප්‍රභේද ලංකාවට එයි ද ඊට පස්සේ අපි දන්නවා වෛරසයක් පරිණාමය වෙනවා. ඒකයි බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ තියෙන වෛරස් ප්‍රභේදයත් වැඩි වැඩියෙන් වර්ගයා බෝකිරීමට එහෙම හැඩගැහිලා තියෙනවා. ඒවගේ ජාන විකෘතියක් අපේ වෛරස්වල තියෙනවා ද බලන්න දිගටම පරීක්ෂණ කරමින් යනවා. නමුත් මාසයකට සැරයක් විතර කරපු එම පරීක්ෂණ අපි තීරණය කරලා තියෙනවා හැම මාසයකම තියෙන වෛරස් ප්‍රභේද විතරක් එහෙම අධ්‍යයනය කරන්නේ නැතුව වෛරස් ජාන පරීක්ෂාව වැඩි ශීඝ්‍රතාවයකින් සති දෙකකට සැරයක් කරන්න. එයට ලෝක සෞඛ්‍ය සංවිධානය ආධාර ලබාදීලා තියෙනවා.“

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.