ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් පකිස්තානයේ කයිබර් පකත්යුන්කා කලාපයේ කරාක්හි තෙරි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ප්‍රහාරයක් එල්ල කර හානි පමුණුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1919 දි ඉදිකරන ලද මෙම දේවස්ථානයට 1997 දිී ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් අනතුරැව 2015 වර්ෂයේදී පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කර ඊට ආරක්ෂාව සපයන ලෙසට නියෝග කර ඇත.
මෙසේ යළි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ අධිකරණ නියෝගයකින් නැවත ප්‍රතිශක්තිකරණ කර විශේෂ ආරක්ෂාවක් සළසා තිබූ හින්දු දේවස්ථානයට බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.