තවත් කොවිඩ් මරණ 4ක් අද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන ඒ් අනුව 208ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ වෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි කාන්තාවක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දර්ගා නගරයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.