ස්පුට්නික් V එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4%ක්

සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්වස්පුට්නික් එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4% කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයරුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා  පැවැති අන්තර්ජාල රැස්වීමකදී මේ බව තහවුරු කර තිබේ. මෙම රැස්වීම සඳහා රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයා තිබිණ.

ලොව වටා කොවිඩ්-19 එන්නත් පිළිබඳ අවසාන අත්හදා බැලීම්පර්යේෂණ හා ලියාපදිංචි කිරීම් පවතින අතරතුර දීවයිරස විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකික සහ රුසියානු විශේෂඥයින් මෙන්ම ඉහළ පරිපාලකයින් ද මෙලෙස රැස්වී රුසියානු ගමලේයා පර්යේෂණ ආයතනය විසින් සංවර්ධනය කරන ලද ස්පුට්නික් එන්නත පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම එන්නත නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්‍ෂණයඑහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවසායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

වෛරසයේ වෙනස්වීම් පිළිබඳව ශ්‍රී ලංකාවේ දී කරන ලද පර්යේෂණ සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය රුසියානු විශේෂඥයින් දැනුවත් කළේය.

අවශ්‍ය සියලු විද්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට සූදානම් බවත්ශ්‍රී ලංකා පාර්ශ්වයට පූර්ණ තොරතුරු පරාසයක් ලැබෙන බවට සහතික කිරීම සඳහා වැඩිදුර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සූදානම් බවත් රුසියානු පාර්ශ්වය ඔවුන්ගේ වාරයේ දී සහතික විය.

මෙම වසංගතය හමුවේ ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාවයේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළ අතරදෙරටේ සෞඛ්‍යය හා සම්බන්ධ ආයතන අතර සබඳතා පුළුල් කිරීමට එකඟ විය. ශ්‍රී ලංකා කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාවෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාඅතිරේක ලේකම් වෛද්‍ය එල්. සෝමතුංග මහතාවසංගත රෝග විද්‍යාඥයින්ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්එන්නත් පිළිබඳ විද්‍යාඥයින්වෛරස් විද්‍යාඥයින්ප්‍රතිශක්ති විද්‍යාඥයින් සහ වෙනත් විශේෂඥයින් විසින් නියෝජනය කරන ලදී.

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින් ලෙසජාත්‍යන්තර සහයෝගීතා හා මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සර්ජි මුරවියොව් මහතාරුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක සර්ජි ග්ලැගොලෙව් මහතා සහ තවත් අය මෙම රැස්වීමට සහභාගී වූහ. වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් මහතාවිද්‍යාත්මක සහකාර දාර්යා යෙගොරෝවා මහත්මිය සහ තවත් අය විසින් එම ආයතනය නියෝජනය කරන ලදී. ස්පුට්නික් එන්නත ලොව ලියාපදිංචි කළ පළමු කොවිඩ්-19 එන්නත වන අතරඑය දැනට එහි තුන්වැනි සායනික අත්හදා බැලීම්වල අවසාන අදියරෙහි පවතී. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා මෙම රැස්වීමේ මුලසුන හෙබවූ අතරතානාපති කාර්යාලයේ අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින් ද එතුමා සමඟ එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.