ලබන සතියේ සිට චීනයේ ප්රමුඛතම විදුලි සංදේශ සමාගම් තුනක් නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
චයිනා මොබයිල්, චයිනා ටෙලිකොම් සහ චයිනා යුනිකොම් හොං කොං එම විදුලි සංදේශ සමාගම් තුන ලෙස හදුන්වා දෙයි.
ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලනය විසින් මෙම සමාගම් වලට එරෙහිව මේවන විට කටයුතු කරමින් සිටින අතර මෙම සමාගම් වල කොටස් වෙළෙඳාම ලබන සතියේ සිට නවතා දැමීමට නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
ඔවුන් ගනු ලබන මෙම තීරණය අමෙරිකා – චීන මත ගැටුම් තවත් උත්සන්න කිරීමට හේතුවනු ඇතිි බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි