අශන්ති වරුනසුරිය
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මස සිට ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අවශ්‍ය නිර්ණායක සකස් කිරීම සඳහා මෙලෙස කමිටුවක් පත් කිරීමටයි එම කොමිසම තීරණය කර ඇත. කමිටුවේ නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එකී නිර්ණායක අදාළ පාර්ශවවල දැනගැනීම සඳහා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද එහිදී තීරණය වී තිබේ.
තවද කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට සිදුවූ බැවින් එම මැතිවරණයේදී අපේක්ෂකයින් ලෙස තරඟ කිරීමට ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට මුළු මැතිවරණ කාල සීමාව තුළම වැටුප් රහිතව සිටීමට සිදු විය. එය ඔවුන්ගේ පාලනයෙන් බැහැර කාර්යයක් වීම හේතුකොටගෙන බැවින් හා ඔවුන්ට එයින් අහිතකර බලපෑමක් ඇති වී තිබෙන බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදී සාකච්ඡුා කර ඇත