කොරෝනා ආරම්භ වූ වුහන් ජනයාගෙන් ඉතිරෙයි

මෙවර නව අවුරුදු උදාවට ලොව බොහෝ රටවල් දැඩි සෞක්‍ය නීති රීති පනවා තිබිණි. ඒ කොවිඩ් වසංගතය මෙන්ම මේ වන විට පැතිර යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය නිසය. නමුත් කොවිඩ් මුලම්භය වූ චීනයේ වුහාන් නගරය 2021 වර්ෂයේ උදාව සැමරූ ආකාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන් තුල දැඩි අවධානය යොමු වී තිබේ.

ලෝකයේ අනෙක් රටවල් ගැන කතා කිරීමේදී කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතාලිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය වැනි යුරෝපයේ බොහෝ රටවල් ඇඳිරි නීතිය සහ දැඩි සංචරණ සීමාවන් පනවා තිබිණි.

චීනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ චීනයේ වුහාන් නගරය නව වසර පිළිගැනීම සඳහා විශාල ජන සහභාගිත්වයෙන් යුතු උත්සව, සංගීත ප්‍රසංග සංවිධානය කර තිබු අතර ඊට දහස් සංඛ්‍යාත නගර වාසීන් එක්ව සිටින අයුරු දක්නට ලැබිණි.

නගරයේ ගොඩනැගිලි, පාලම් ආදිය වර්ණ බුබුළු වලින් ආලෝකමත් කර තිබු අතර විදී වලට රැස්වූ ජනතාව ඉතා උද්යෝගයෙන් නව වසරේ උදාව පිළිගනු ලැබුවේ වසංගතයත් සමඟ බැවින් එය ලොව බොහෝ රට වල විවේචනයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය අවුරුදු සුභ පැතුම් එක් කරමින් පැවසිය. චීන ආර්ථිකය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයන් අතර 2020 වසරේ දී ප්‍රථයෙන්ම ධණාත්මක වර්ධනයක් දිනාගැනීමට සමත්ව ඇති බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා චීනය වඩාත් ශක්තියෙන් ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම පුළුල් ල‍ෙස ඉදිරියට ගෙන යනු ඇතැයි සඳහන් කළේ 2021 නව වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

2020 අසාමාන්‍ වසරක් බව පැවසූ ෂි ජින් මහතා හදිසියේ මතුවූ නව කොරොනා වසංගතය හමුවේ එය පරාජයට පත්කිරීමට දායකවන සෑම අයෙකුම වීරවර‍යෙක් යැයි පැවසීය.

වසංගතය වැළැක්වීම හාපාලනය කිරීමට දුෂ්කර දිගුකාලයක් අවශ්‍ය බැවින් ලොවපුරා ඒඒ රටවල ජනතාව වඩාත් අලංකාර මිහිකත නිවසක් නිර්මාණය කිරීම වෙනුවෙන් හැකි ඉක්මනින් වසංගතය පරාජය කිරීමට අත්වැල් බැද ගත යුතු යැයිද ෂිජීන්පීං මහතා සිය නව වසරේ සුභ පැතුම් පණිවුඩයෙන් සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.