කොවිඩ් වෛරස් තත්වය ඉහල යයි

පවතින් කොවිඩ් වෛරස් තත්වය පැතිරීම ඉහල යාම හේතුවෙන් තවත් පදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ඒ අනුව පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් මේ මෙහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ.

කල්මුණේ 1, කල්මුණේ 1C, කල්මුණේ 1E, කල්මුණේ 2, කල්මුණේ 2A, කල්මුණේ 2B, කල්මුණේ 3
කල්මුණේ 3A, කල්මුණේ කුඩි 1, කල්මුණේ කුඩි 2, කල්මුණේ කුඩි 3.

ඊයේ (31) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 597ක් හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 256ක් ලෙසය. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊට අමරතව මඩකලපුවෙන් ආසාදිතයින් 63ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන්62ක් වාර්තා වී ඇති බවය. ආසාදිතයින් 211ක් සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් තිදෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර, තවත් දෙදෙනෙක් විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් අතරට මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 47 දෙනෙකු සිටී.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 50ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 36ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 34ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 33ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 20ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 13ක් ලෙස ආසාදිතයින් හඳුනාගෙන තිබේ. ගාල්ල, කුරුණෑගල, යාපනය, පුත්තලම, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටින් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 42,299 ක් වන අතර ඉන් 35,329 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා සිදුකරන ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවේ දී තවත් පුද්ගලයින් පිරිසක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊයේ (31) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඊයේ දිනය තුළ පමණක් ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන් 1,003ක් සිදුකර ඇති අතර මෙම පරීක්ෂණ ස්ථාන 11කදී මේ වන විටත් සිදුකරනු ලබයි.

ඒ අනුව පසුගිය 18 වැනිදා සිට මේ දක්වා අදාළ ස්ථාන 11 ආශ්‍රිතව සිදුකර ඇති ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සංඛ්‍යාව 12,929ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.