දිනේෂ් ,කුසල්, ධනංජය, ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියට

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වලට  අනුව ධනංජය ද සිල්වා  ,දිනේෂ් චන්දිමාල්  ,කුසල් ජනිත් පෙරේරා ඉදිරියට පැමින තිබේ.

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්

දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දැක් වූ දක්ෂතා හේතුවෙන් මොවුන් මෙම ස්ථාන හිමිවි ඇත.

ඒ අනුව එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 79 ක් ලබා සිටිය දී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ 34 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 9 කින්. පළමු ඉනිමේ දී ලකුණු 85 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 25 ක් රැස් කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහුට පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ 38 වන ස්ථානය හිමිව තිබෙනවා.

දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා 60 වන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින්. ටෙස්ට් පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණි විශ්ව ප‍්‍රනාන්දු එම සටහනේ 45 වන ස්ථානයේ පසුවනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.