චීනයේ WeChat යෙදුම මහජනතාව අධීක්ෂණය කිරීම, ජනතාවගේ භාෂණයේ නිදහස වාරණය කිරීම සහ රජයට එරෙහි අදහස් දක්වන්නන්ට දඬුවම් කිරීම සඳහා බීජිං හි ඇති ප්රබලතම මෙවලමක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
බලධාරීන් විසින් වැඩි වැඩියෙන් සිය අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට හෝ තර්ජනය කිරීමට මෙම යෙදුම භාවිතා කරන බව විරුද්ධවාදීන්, පාරිභෝගිකයින් සහ ආරක්ෂක පර්යේෂකයන් පවසන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරයි.
“WeChat හි ඔබගේ සියලු සන්නිවේදනයන් විවෘතව පවතින බව මිනිසුන් නිතරම පවසයි. නමුත් මෑතකදී සිදුවූ සිදුවීම තෙක් එහි අර්ථය මා හට කිසි විටෙකත් සම්පූර්ණයෙන් වැටහුනේ නැත. දැන් මම භීතියට පත්ව සිටිමි.” යැයි කම්කරු හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ නීතිඥවරියක් වන වැන්ග් ෂෙන්ෂෙං පවසා ඇත.
ඇය එම පුවත්පතට පැවසුවේ මේ වසර මුලදී බලධාරීන් ඇයගේ WeChat සහ කෙටි පණිවුඩ අධීක්ෂණය කරමින් සිටින බවත් එමඟින් ඇයගේ නීති වෘත්තිය අවහිර කිරීමට සාක්ෂිරැස් කිරීමට ඉඩ ඇති බවය.