ඊස්වරන් රත්නම්
බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය උපදෙස් මහජනතාව විසින් නොසලකා හැර ඇති බවත් ඒ අනුව ඉරිදියේදී වෛරස් අසාදන නැවත වැඩිවීමේ අවදානමක් මතු වී තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ උත්සව සමයේ සංචාරක සීමාවන් විශාල වශයෙන් ලිහිල් කිරීමත් සමඟ බොහෝ අය සෞඛ්‍ය උපදේශන නොසලකා හැර ඇති බවය.
හෝටල් සහ ආපනශාලා වල 31 වන රාත්‍රී සිදුවීම් ප්‍රවර්ධනය කරන පෝස්ට් සහ පණිවිඩ නිකුත් කර තිබිණි. ඒවා සමාජ මාධ්‍ය හරහා බෙහෙවින්ම ප්රචාරයට ලක් විය. සාමාන්‍ය තත්වයන් යටතේ එය ගැටලුවක් නොවනු ඇති නමුත් කෝවිඩ් වසංගත පරිසරයක් තුළ සැලකිය යුතු මට්ටමක තිබියදී මෙවන් ප්‍රචාරණ කටයුතු ගැන අවදානය යොමු විය යුතු බව බලසූරිය මහතා පැවසීය.
අනතුරු ඇඟවීම් නොතකා මහජනයා ගමන් බිමන් යාම, විවිධ සංචරණ මෙන්ම උත්සව සමයේ සිදු වූ සියල්ලත් සමඟ ඉදිරි දින කිහිපය තුළ කොළඹ හෝ රටේ වෙනත් ප්‍රදේශවලින් ආසාදිත පුද්ගලයින් බිහි වීමේ සම්භාවිතාවක් පවතින බව ද ඔහු පැවසීය. අවදානම් තක්සේරුවක් ද දැන් සිදු කර සුදුසු පියවර ගත යුතු බව බාලසූරිය මහතා පැවසීය