ජනවාරි මස අවසානයේදී සංචාරකයින්ට රට විවෘතයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි මස අග වන විට ගුවන්තොටුපල සහ රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලූ කටයුතු සුදානම් කරමින් පවතින බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.

එම දිනය ඉතා කඩිනමින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කිරීමට නියමිතය. අදාල සාකච්ජාවට සහභාගී වූ හෝටල් හිමියන්ගේ සංගමය සහ සංචාරක සංවිධානය කරන සංගම් පවසා ඇත්තේ පවතින තත්වය තුල සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීම සදහා රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සිය සහය පළ කරන බවය.

මෙම නියාමන ව්‍යාපෘතිය සංවිධානය කෙරුනේ ඊට අදාල පුර්ව සුදානමක් ඇතිව බවත් පැමිණෙන සංචාරකයින් අතර කොවිඞ් ආසාදිතයෙකු වාර්තා වුවහොත් ඔහු සම්බන්ධයෙන් ගත යුතු සියලූ පියවර සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අදාල සංචාරය සංවිධානය කරන්නන්ට හා හෝටල්වලට ලබා දී ඇති බවද අමාත්‍ය ප්‍රසන්න මෙහිදී පවසා ඇත.

සංචාරකයින් මාර්ගෝපදේශ නිසි ලෙස කි‍්‍රයාත්මක කරන්නේදැයි සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි අධීක්ෂණයකට ලක් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.