NB 9268 බස්රථයේ ගිය අය නිරෝධායනය වන්න

 

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් පස්දෙනා අද (31) උදෑසන පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කළ NB 9268 බස්රථයෙන් ගමන් කර ඇති බව අනාවරණය වී ඇත.

ඒ හේතුවෙන්  එම බස් රථයේ ගමන්ගත් මගීන් සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම බස්රථය අද උදැසන 5.45ට පොළොන්නරුවෙන් කොළඹ බලා පිටත් වී ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම රැදවියන්පොළොන්නරුව බස්නැවතුම්පොළෙන් උදෑසන 5.45ට පොළොන්නරුව – මාතර පුවරුව සහිතව පොළොන්නරුව සිට කොළඹ බලා පිටත් වු NB 9268 දරණ බස්රථයෙන් කුරුණෑගල දක්වා ගමන්කර ඇති බවට සහ කුරුණෑගලින් වෙනත් බස්වලට ගොඩ වී යන්නට ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවය.

.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.