නාවික හමුදාවේ අණ නොතකා පළායාමට උත්සහ කළ ධීවර යාත්රාවක් සිය භාරයට ගෙන ඇත. එම යාත්රාවේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල ධීවර වරාය ආශ්රිත මුහුදේ යාත්රා කරමින් තිබූ බෝට්ටුවකට පරීක්ෂා කිරීමේ සංඥා නාවික හමුදා නිලධාරීන් විසින් නිකුත් කර ඇති අතර එහෙත් අදාළ යාත්රාව ගොඩබිම දෙසට යාත්රා කර ඇති අතර පසුව නාවික හමුදාව එය සිය භාරයට ගෙන ඇත.
එක් පුද්ගලයෙකු පළාගොස් ඇති අතර පළාගිය පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ. අනතුරුව එම යාත්රාවේ සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.