බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගනිමින් සිදු කෙරෙන රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 90 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගෙන තිබේ. බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 11 කදී ඊයේ දිනය තුළ පමණක් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 940 ක් සිදු කර ඇත.
ඉකුත් 18 වනදා සිට මේ දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් දස දහසකට අධික පිරිසකට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇත.