චීනය ජපානයේ ඉඩම් රහසිගතව මිළදී ගැනීම් පිළිබඳව අවධානයට

තම රටේ ආරක්ෂක වශයෙන් සංවේදී ස්ථාන ආශ්‍රිතව චීන සමාගම් විසින් සිදුකරන ඉඩම් මිළදී ගැනීම් පිලිබදව ජපාන රජයේ අවධානය යොමුව තිබේ.

ජපාන මාධ්‍ය උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරැණු තහවුරැ කර ගැනීම සදහා , ආරක්ෂක වශයෙන් සංවේදී ස්ථානවල සිදුකර ඇති ඉඩම් මිලදී ගැනීම් සියල්ල පිළිබදව විශේෂ පරීක්ෂණයක් දියත් කිරීමට ජපාන රජය තීරණය කර ඇති බවයි.

මෙම තත්වය පාලනය කිරීම සදහා නව නීති හදුන්වාදීමට ද ජපානය සැලසුම් කරමින් සිටින බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ. මේ පිලිබදව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු හුවමාරැ කර ගැනීම සදහා රටවල් පහකින් සමන්විත සංධානයක් සමග එක්ව කටයුතු කිරීමටද ජපානය තීරණය කර තිබේ.

ඒ අනුව ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව ,ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් මෙම සංධානයට අයත් වේ.
මෙහිදී ජපාන රජය මිලිටරි රහස්වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා එම සංධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

මෙම ඉඩම් ජපන් හා එක්සත් ජනපද හමුදා කඳවුරු සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සඳහා යොදා ගන්නා අතර චීන සමාගම්  විසින් ඉඩම් මිළදී ගෙන ඔත්තු බැලීමට යොදා ගන්නා බවට ද විදෙස් මාධ්‍ය පවසයි.

චීනය ජපානයේ ආරක්ෂක ස්ථාන අසල ඉඩම් මිළදී ගනිමින් ආසියානු රටවල් දෙක අතර ගැටුම් ඇති කිරීමේ තවත් එක් උපායමාර්ගයක් බවට ද අනාවරණය වී ඇත. එබැවින් චීන සමාගම්වලට ඉඩම් විකිණීමේදී සැලකිලිමත් වන ලෙස ජපාන රජය විසින් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.