තවත් යුක්‍රේනයෙන් සංචාරකයින් තිදෙනෙක්ට කොවිඩ්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදනය වී ඇති සමස්ත යුක්‍රේන ජාතිකයින් ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ දෙසැම්බර් මස 28 වන දින යුක්‍රේන ජාතිකයින් 185 දෙනෙක් දිවයිනට පැමිණියේය.

දෙවැනි කණ්ඩායම ලෙස දෙසැම්බර් මස 29 වන දින යුක්‍රේන ජාතිකයින් 204 දෙනෙක් මත්තල ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.