යේමනයේ ගුවන්තොටුපළේ පිපිරිමක්

 

යේමනයේ ඒඩ්න් ගුවන් තොටුපල තුල එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 කු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරය එල්ලවූයේ එරට අලුතින් පිහිටුවාගත් රජයේ නියෝජිතයින් සව්දි අරාබියේ සිට ගුවන් යානයකින් පැමිනි අවස්ථාවේදීයි.

ප්‍රහාරයෙන් සිය  කැබිනට් මණ්ඩලයේ සාමාජිකයිගේ ජීවිත වලට හානි වී නොමැති බව යේමන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත.හූති කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරේ.

2015 වසරේ සිට උත්සන්න වෙමින් ඇති ගැටුම් හේතුවෙන් යේමනයේ දස දහස් සංඛ්‍යාත පිරිසකට මේ වන විට ජීවිත අහිමි වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.