මෙරටට පැමිණි විදෙස් ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත. වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගනු ලැබූ සංචාරකයින් තිදෙනා මේ වනවිට ප්රතිකාර සඳහා යොමු කර ඇති බව සෞක්ය අංශ පවසයි.
එහි පළමු කණ්ඩායම ලෙස යුක්රේන සංචාරකයින් 180 දෙනෙකු දෙසැම්බර් මස 28 වෙනිදා මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි අතර එලෙස සංචාරකයින් පිරිස දිවයිනට ළඟා වීමෙන් පසු PCR පරීක්ෂණ සඳහා යොමු කළේය. ඉන්පසුව ඔවුන්ව හෝටල් වෙත යොමු කර තිබේ.
එලෙස සිදුකළ PCR පරීක්ෂණ මගින් පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණි.