වී. මනිවන්නන් මහතාව යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්කර තිබේ.
යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා එම මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ දී පරාජයට පත් විය.
එබැවින් ඔහු පසුගිය දා එම ධූරයෙන් ඉල්ලා අස්විය.එකී පුරප්පාඩුව පුරවමින් එම ධූරය වී. මනිවන්නන් මහතාට පිරිනමා ඇත.
ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි.