ඉන්දික ශ්‍රී අරවින්ද
කොවිඩ් වසංගතය හේතුව නිසා හුදකලාවූ ප්‍රදේශ තුළ ලිංගික ක්‍රියාවලියේ වර්ධනයක් සිදු වී ඇති බව ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය පවසයි.
එම සංගමය පවසන්නේ දැනට වෙළඳ පොළේ ඇති පවුල් සැලසුම් නිෂ්පදනයන්ගේ අලෙවියේ වර්ධනයක් මෙම කාලය තුළදී පෙන්නුම් කිරීම නිසා ලිංගික ක්‍රියාවලියට බොහෝ පිරිසක් නැඹුරු වී ඇති බවට අනුමාන කරන බවයි.
පසුගිය මාර්තු සිට දෙසැම්බර් දක්වා වූ කාලය තුළ “කොන්ඩම්”හි විශාල අලෙවියක් පෙන්නුම් කර ඇති අතර බොහෝ පිරිසක් වසර 5ක් දක්වා වූ ගැබ් ගැනීම් වලක්වන “ජඩෙල්” නමැති පවුල් සැලසුම් සැත්කම සිදු කරගෙන ඇත.
මෙයට පෙරදී මාස තුනකට පමණක් වලංගු පවුල් සැලසුම් එන්නතක් බොහෝ පිරිසක් භාවිතා කරනු ලැබුවත් මෙම හුදකලාවූ කාලය තුළදී ඖෂධ වෙළඳසැල් වසා දැමීමේ දැඩි බිය නිසා ස්ථිර පවුල් සැලසුමකට අවතීර්ණ වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබූ බව එම සංගමය පවසයි.
වාර්ෂික සංඛ්‍යා ලේඛණයන්ට අනුව “ලුප්” දැමීමේ පවුල් සැලසුමේ වර්ධනයක් සිදු වී ඇති අතර හදීසි ගැබ් ගැනීම් සඳහා භාවිතා කරනු ලබන “පොස්ටිනෝ”(POSTINO) නමැති ඖෂධය අලෙවියේ ශිඝ්ර අඩු වීමක් සිදුව ඇත.
ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය පවසන්නේ පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව තම නිෂ්පාදන මිළදී ගැනීම සඳහා අවශ්‍ය පවුල් සැලසුම් නිෂ්පාදන තොග ප්‍රමාණවත් ලෙස සියළුම ඖෂධ වෙළඳසැල් වෙත සැපයීමට පියවර ගෙන ඇති බවයි.