කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාර ප්රදේශයේ ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ පිහිටි මෙම වැඩබිමෙහි වාහන නැවැත්වීම සඳහා ඉදිකරමින් තිබූ ස්ථානය අඩි 12 ක් පමණ ජලයෙන් යට වී ඇත.
පළමු මහල ද අඩි දෙක හමාරක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වේ. ජලයේ ගිලීමෙන් මියගොස් ඇත්තේ මෙහි ඉදිකිරීම් කටයුතුවල නිරත වූ සේවකයෙකි. ඔහු ඌව පරණගම ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් වන අතර අනාරක්ෂිත ලෙස සේවකයන් මෙහි සේවය කර ඇත.
මිය ගිය පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත්තේ ද ගිනි නිවන හමුදාව සිදු කළ පැය 10 ක මෙහෙයුමකින් අනතුරුවය.