ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් හමුවන ආසාදිතයින් ගණන ඉහළට

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (29) දිනයේ දී ස්ථාන 11ක දී සිදුකරනු ලබන පරීක්ෂණ තුළින් 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට කොවිඩ් වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා මෙම පරීක්ෂාවන් ලබන ජනවාරී මස 5 දක්වා සිදු කෙරේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 18 වන දින සිට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 දෙනෙක් අතරින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇත. මේ වන විට හඳුනාගත් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. ඊයේ දිනයේ දී කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුළින් ආසාදිතයින් 9 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකල පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 1957 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා කි‍්‍රයාත්මක පොලිස් මෙහෙයුම්වලදී අද උදෑසන 06 න් අවසන් ගතවූ පැය 24 දී මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1957 කි. නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.