උත්සව වලක්වන්න පොලිස් මෙහෙයුම්

නීති විරෝධීව සිදුකරන උත්සව සැමරුම් වැළැක්වීමට අද සිට දින 03 ක් දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ පැවසීය. කොළඹ පොලිස් බල ප‍්‍රදේශ 06 ක් ඇතුළු පොලිස් බලප‍්‍රදේශ 09 ක තවදුරටත් හුදෙකලා කිරීමේ නියෝග කි‍්‍රයාත්මක වේ.

මහජන ඒකරාශිවීම් සහ සමාජ දූරස්ථභාවය පවත්වාගැනීම දැඩිව අවධාරණය කර තිබෙන පසුබිමක මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ අද (29) සාදයක් පවත්වා තිබුණි. මෙම සාදය පිළිබඳව තොරතුරු ලැබුණු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සාදය සංවිධාන කළ පිරිස් වෙත දැඩි ලෙස අවවාද කර සාදය නවතා දැමීමට කටයුතු කර තිබේ.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 704 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 33, 925 ක් ද මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 41,603 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 7,484කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.