සංචාරකයින් 204 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු රැගත් එම යානය යුක්රේනයේ කිව් නුවර සිට අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ඊයේ (28) දිනයේදී යුක්රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර
කොග්ගල හා බෙන්තොට ප්‍රදේශවල පිහිටි හෝටල්වල රැඳීසිටින එම සංචාරකයින් තවත් පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකිරීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය සඳහන් පවසයි.
මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් හා සංචාරකයින් වැඩි වශයෙන් ඉදිරියේ දී ගෙන්වා ගැනීම සඳහා කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ දෛනික පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ සංචාරකයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 3000 බැගින් ඉහළ දැමීමට තීරණය කර ඇත.