පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් දකුණු අප්‍රිකාවට ජය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 45ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 396ක් ලබා ගෙන ඊට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 621ක් ලබා ගැනීමට සමත්විය. ආබාධයක් හේතුවෙන් ධනංජය ද සිල්වාට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමේ අවස්ථාව අහිමිවිය.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 225ක් පිටුපසින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 64 ක් සහ වනිඳු හසරංග ලකුණු 59 ක් ලබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.