කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ පවතින තීරණයේ වෙනසක් නොමැති බව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නැති බවද සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද ඔහු පැවසිය.
එමෙන්ම කොවිඩ් – 19 පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතු බවත් ඒ ස්ථීර තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ඉන්නේ යනුවෙන් ඔහු සදහන් කළේය.


