අශන්ති වරුනසුරිය
ලංකාවේ පසුගිය වසර 15 තුල නොවෙනස්ව ඉදිරියට ආපු සංචාරක කර්මාන්තය මේ කොරෝනා වසංගතය නිසා කඩා වැටීමකට ලක් වූ බවත් එය නැවත සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් රජ්ය ඇමති ඩී.වී. චානක මහතා පැවසීය.
වත සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට මත්තල ගුවන්තොටුපොළින් ආරම්භ කිරීම විශාල සතුටක් බවත් පවසන ඔහු විදේශ රටකට විකිනීමට ගිය මත්තල ගුවන්තොටුපලෙන් අපට මෙය ආරම්භ කිරීමට ලැබීම ද සතුටක් බවත් ගුවන්තොටුපලට ඇතුල්වීම පිටවීම දක්වා විෂබිජානුහරණය කරන පුළුල් සෞඛ්යරක්ෂිත ක්රමවේදයකට යටත්ව මෙය සිද්ධ කෙරෙන බවද පැවසිය.
වැඩි දුරටත් අදහස් දැක්වූ
මෙය ආරම්භ කරන්න කලින් ලෝකයේ රටවල් 3කින් සිදු වූ වැරදි අපි හදුනා ගත්තා. ඒ අනුව ඒ අඩුපාඩු ලංකාව තුළ නොකෙරෙන ආකාරයට මෙය පටන් ගත්තේ. මේක නිසා ශ්රී ලංකිකයන්ට කිසිම බාධාවක් වන්නේ නැහැ මොකද ශ්රී ලංකිකයන්ට ලැබෙන එකම පහසුකමක්වත් අපි ඔවුන්ට පැත්තකින් ලංකිකයෙක් ගෙන්වන ගමන් අනිත් පැත්තෙන් සංචාරකයින් ගෙන්වල රටේ ආර්ථිකය ශක්තිමත් කරලා මිලියන 3 ක් වූ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නනට යලි ජීවනෝපාය සකස් කරලා දෙනවා.