යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබේ. යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ විය.
ඒ යටතේ කලාපීය රටවල් සියල්ලටම ෆයිසර් එන්නත බෙදාහැර ඇති බව එම සංගමයේ සභාපතිනී උර්සුලා වෑන් ඩර් ලෙයින් පැවසුවාය. මෙහිදී මිලදී ගෙන ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 200කි.
තෙදිනක් පුරා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල අතර එය කලාපීය සාමයේ සහ එකමුතුභාවයේ උත්කර්ෂය වන බවත් යුරෝපා සංගමය පවසයි.
වැඩපිළිවෙල යටතේ ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ඉතාලිය ඇතුලු කොවිඩ් වසංගතයේ වැඩිම පීඩාවට පත් රාජ්‍යයන් සියල්ල සඳහාම එන්නතක්කරණය ආරම්භ කෙරුණි.
එහිදී වැඩහිටියන් සහ සෞඛ්‍ය අංශ සේවකයින් සඳහා වැඩි ප්‍රමුඛතාව ලබාදී තිබුණි. මේ අතර එන්නත ලබානොගන්නා සියල්ලන්ම ලැයිස්තුගත කිරීමට ස්පාඤ්ඤය තීරණය කර තිබේ.