98වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කාන්තා රිටි පැනීමේ ඉසව්ව නියෝජනය කළ යුද හමුදාවේ කෞෂල්‍යා පෙරේරා සමත් වූවාය.
ඇය දැක්වු දක්ෂතාවය මීටර් 3.5 6කි. මීටපෙර එම වාර්තාව හිමි කරගෙන තිබුණේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන අනීතා ජෙගදීෂ්වරන් වන අතර ඇය පිහිටුවා තිබූ වාර්තාව මීටර් 3.5 5කි.
98වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය වු ඊයේ (27) තරග ඉසව් කිහිපයක අවසන් තරගය පැවැති අතර ඉන් තරග ඉසව් 7ක ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ