පිළියන්දල, ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙද සැලක සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එහි සේවය කළ සේවක සේවිකාවන් 16 දෙනෙකු PCR පරික්ෂණයන් සඳහා යොමු කළ බවත් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා හෙට හෝ හෙට දිනයේදී ලැබීමට නියමිත බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි මෙම සුපිරි වෙළෙද සැලේ එළවලු සහ පලතුරු අංශයේ සේවය කරමින් සිටි සේවකයෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ පසුගිය දෙසැම්බර් 24 වෙනිදාය. උත්සව සමය හේතුවෙන් මෙම වෙළෙද සැල නිරන්තරයෙන්ම පාරිභෝගිකයින් ගැවසී සිට ඇත.
මේ වන විට එම සුපිරි වෙළෙද සැල සම්පුර්ණයෙන්ම වසා දමා ඇත. මෙම සුපිරි වෙළෙද සැල් ජාලය සතුව තවත් වෙළෙද සැල් කිහිපයක්ම එම ප්‍රදේශය පිහිටා තිබෙන අතර සේවකයින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීමක් සිදු නොකරා නම් සැපයුම් ජාලය හරහා වෛරසයේ ව්‍යාප්තිය අනෙක් වෙළෙද සැල් වල සේවකයින්ට ව්‍යාප්ත වීමේ අවධානමක් ඇත.
ඊයේ 28 දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 164ක් හඳුනා ගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 530කි. එමෙන්ම තවත් කොවිඩ් මරණ 3ක් ඊයේ වාර්තා විය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 194ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 37,890කි.