ලක් සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පත් කර තිබේ.
2020 ජනවාරි මාසයේදී එම තනතුරට පත් කළ හිටපු සභාපති නුෂාඩ් පෙරේරා එම තනතුරෙන් ඉවත්විමෙන් පසු රියර් අද්මිරාල් ආනන්ද පියරිස් පත් කර තිබේ.
නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත .
මේ අතර සතොස ලොරි සහ ගබඩාවන් ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා ලෙස වෙනුර ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මෙම පත්කකිරිම් ගැන වෙළඳ අමාත්‍යාංශය විසින් අද ප්‍රකාශයට පත් කරන ලදී.
පසුගිය රජයේ පාලන කාලය තුළ ලක් සතොස සහ සමුපකාර තොග වෙළද ආයතනයේ සිදු වූ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණ විගණන සිදුකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන Colombo gazette වෙත ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යංශවල වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අවබෝධ කර ගැනීම සඳහා විෂය අමාත්‍යවරයා ලෙස මෙම පරීක්ෂණය සිදුකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
.